Work‎ > ‎

Jasaya saha Lenchina / ජසයා හා ලෙන්චිනා

කෝලම් ගැන කථාකරමින් සිටිදිනක පැරණි කෝලමක් සකස්කොට නිෂ්පාදනය කරන ලෙස මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා මට පැවසීය. මේ ගැන සිත යෙදූ මගේ මනසෙහි නිතර රැව් දුන්නේ ජසයා හා ලෙන්චිනා පිළිබඳ පුවතය. වෙල්ලෑ තොටක් අසල කියැවෙන මෙම පුවත විචිත්‍රාකාර රංගයක් වියහැකි බැව් මම සිතුවෙමි.

මේ වනවිට බෙන්තොට කෝම්මල කේ. ජිනදාස මහතා ජසයා සහ ලෙන්චිනා පුවතෙන් කොටසක් ගුවන් විදුලියෙන ඉදිරිපත් කළේය. එය මට බෙහෙවින් පිටිවහලක් වූ අතර අනතුරුව රෝහණ බැද්දගේ මහතාගෙන් ලැබුනු සහාය ඉතා වැදගත් විය. බැද්දගේ මහතා කෝලම් කවි හා දෙබස් සොයා රැස්කොට නැටුම් පිළිබඳව දැනගත්තේය. අප දෙදෙන එකතුවී මෙය නවීන වේදිකාවට උචිතවන පරිදි සකස් කෙරුවෙමු. මුලින්ම නාට්‍ය පැවතුනේ ලෙන්චිනා ළමයාගේ මරණය ගැන හක්‍ෂන තැනට තෙක් පමණි. පසුව එය මුදලිගේ පැමිණීම තෙක් දිගු කොට සකස් වින.

දයානන්ද ගුණවර්ධන
(රචක හා නිෂ්පාදක)

Jasaya saha Lenchina


Comments